සුබ දවසක් යාලුවෝ හැමෝටම …… අද ඔයාලට මම කියල දෙන්න යන්නේ අපේ නිවසේ කරන්ට් එක Arduino එකෙන පාලනය කරන්නේ කොහොමද කියන එක
අපේ Arduino බෝඩ් එකෙන් අපිට ලබා ගන්න පුලුවන් වෙන්නෙ වෝල්ට් 5 ක වෝල්ටීයතාවයක් හා මිලිඇම්පියර් 40 ක ධාරාවක් පමණයි .
මේ වෝල්ටීයතාවයෙන් හා ධාරාවෙන් 230V පාලනය කරන්න නොහැකි බව අපි හොදින්ම දන්නවා.
ඉතින් මේ වැඩේට ටිකක් විශේෂ උපකරණයක් පාවිච්චි කරනවා. ඒක තමාපිලියවනය එහෙමත් නැත්නම් රිලේ (Relay) එක.
වෙලදපොලේ විවිද ඇම්පියර් අගයන්ගෙන් යුත් රිලේ (Relay) මිලදී ගන්නට තිබෙනවා.
ඒ වගේම රිලේ (Relay) Modules ද මිලදී ගන්නට තිබෙනවා.
මුලින්ම රිලේ එකක අග්‍ර හදුනා ගනිමු
මූලික ඉලෙක්ට්‍රොනික දැනුම තියෙන අයෙක් නම් පහත පරිපත සටහන පරිදි පහසුවෙන්ම නිවසේදීම රිලේ පරිපතයක සාදා ගන්නට පුලුවන් .
අපිට රිලේ එක ටෙස්ට් කරන්න Blink Example එකම පාවිච්චි කරන්න පුලුවන් .
කරලම බලන්නකෝ …..
———————————————
| හැබැයි පරිස්සමින් – Safty First |
———————————————
ඉස්සරහට එන වෙසක් උත්සවයට අලුත් වැඩක් කරන්න පුලුවන් …
එහෙනම් ගිහින් එන්නම්. ගැටලුවක් තියෙනවා නම් පහලින් Comment කරන්න
මෙම ලිපියෙහි කතෘ අයිතිය tecpisso.com බ්ලොග් අඩවියෙහි DilshanRamesh සතුවේ.
දැණුම සොයාන ඔබට පුළුල් විෂය පරායාසයක් ඔස්සේ පලවන තවත් හරවත් ලිපි කියවීමට පිවිසෙන්න TECPISSO බ්ලොග් අඩවියට.