ගොඩ කාලෙකට පස්සේ තමයි arduino ගැන post එකක් ලියන්න පුලුවන් උනේ. මේ පාර පාඩමෙන් මම කතා කරන්න යන්නේ decoders ගැන.
Decoders කියන්නේ මොකක්ද ?
decoders කියන්නේ අපි ලබාදෙන bit කියපයක් තවත් bit කිහිපයකට වෙන් කරලා output එකක් ලබාදෙන්න පුලුවන් දෙයකට. උදාහරණයක් විදිහට කිව්වොත් අපිට arduino එකේ pin 3 භාවිතා කරලා වෙන වෙනම LED 8 ක් control කරන්න බැහැ. නමුත් decoder එකක් use කලොත් අපිට decoder එකට arduino එකේ pin 3 කින් input ලබාදීලා decoder එකෙන් pin 8 කින් output ගන්න පුලුවන්. තවත් විදියකට කිව්වොත් arduino එකේ pin 3 ක් විතරක් use කරලා වෙන වෙනම LED 8 ක් කොන්ට්‍රොල් කරන්න පුලුවන්.
මන් කලින් විස්තර කලේ pin 3 කින් input දීලා pin 8 කින් output ගන්න පුලුවන් decoder එකක් ගැන. මේ වගේ decoder වලට 3 bit to 8 bit decoder කියලා කියනවා. මේ වගේ තවත් decoders වර්ග තියෙනවා.
2 bit to 4 bit decoder – input 2 කින් output 4 ක්
4 bit to 16 bit decoder – input 4 කින් output 16 ක්
5 bit to 32 bit decoder – input 5 කින් output 32 ක්
Decoders වැඩ කරන්නේ කොහොමද ?
මන් මෙතන කියලා දෙන්නේ 74HC237 කියන 3 bit to 8 bit decoder එක use කරන්නේ කොහොමද කියලා.74HC238 IC එකත් කිසිම වෙනසක් නැතුව use කරන්න පුලුවන්. IC එක රු. 60-80 ත් අතර ගානකට ලංකාවේ මිලදී ගන්න තියෙනවා.
මේ decoder තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ මේ pin 8 න් අපි HIGH කරන පින් එක ඇරුනහම අනිත් pin ඔක්කොම LOW වෙනවා. ඒ කියන්නෙ අපිට වෙලාවකට output ගන්න පුලුවන් එක පින් එකකින් විතරයි.

- සාමාන්‍ය විදිහට මේ IC එකට GND, VCC pin වලට power එක දෙන්න ඕනේ.
- Y0-Y7 වෙනකන් තියෙන්නේ Output pin 8
- A0-A2 වෙනකන් තියෙන්නේ Inout pin 3
- E1, E2, E3 කියන්නේ enable pin (සාමාන්‍යයෙන් E1, E2 ground කරලා E3 vcc connect කරනාවා)
Arduino සමග decoder
මම මෙතනදී කරන්න යන්නේ push button එකක් ඔබන වාරයක් ගානේ LED එක එක on කරන්න යන්නේ. මේවගේ වැඩක් කරන්න LED 8 කට arduino ouputs 8 ක් ඕනෙ උනත් මම decoder එකක් භාවිතා කරලා arduino ouputs 3 කින් මේක කරලා තියෙන්නේ.
Components
Diagram
Arduino Sketch
Code explain
මෙම ලිපියෙහි කතෘ අයිතිය softwarelanthaya බ්ලොග් අඩවියෙහි Yashodha Lakshana සතුවේ.
දැණුම සොයාන ඔබට පුළුල් විෂය පරායාසයක් ඔස්සේ පලවන තවත් හරවත් ලිපි කියවීමට පිවිසෙන්න
SOFTWARELANTHAYA බ්ලොග් අඩවියට.