Arduino ගැන දැනගනිමු 01.

ආඩුඊනෝ යනු  විවිධ  සංවේදක  මගින්  ලබාදෙන  තොරතුරු  සංවේදනය  කරගනිමින්  භෞතික පරිසරයේ වෙනස්වීම් හදුනාගැනීමට හා විවිධ උපකරණ  ක්‍රියාත්මක කිරීමට යොදා ගත හැකි උපකරණයකි.

එමෙන්ම මෙහි විශේෂත්වය වන්නේ මෙය ඕනෑම කෙනෙකුට භාවිතා කිරීමට හැකි විවෘත  හා නිදහස් දෘඩාංග හා මෘදුකාංග කොටස් වලින් සමන්විතව තිබීමයි .එනම් ආඩුඊනෝ යනු  ක්ෂූද පාලකයක් සහිත පරිපත පුවරුවකින් සහ  ක්‍රමලේඛන  සකස් කල හැකි අතුරු මුහුණතක සංකලනයකි .
ආඩුඊනෝ පුවරුවක් යනු අපගේ අවශ්‍යතා මත ක්‍රමලේඛනය කරගැනීමෙන් පසු තනි ඒකකයක් ලෙස හෝ එසේත් නැතිනම් පරිගකය හා සම්බන්ධ කොට එහි ධාවනය වන මෘදුකාංග සමග දත්ත හුවමාරු කරමින් ක්‍රියාකරවිය හැකි ඉතාමත් විශිෂ්ට නිපැයුමකි . මෙම ආඩුඊනෝ පුවරැව නිවසේදීම එකලස් කිරීමට හෝ වෙලදපොලෙන් මිලදී ගත හැකි අතර කේත ලිවීම සඳහා යොදාගන්නා අතුරු මුහුනත අන්තර්ජාලයෙන් නොමිලේ බාගත කරගත හැක .විවිද වර්ගයේ ආඩුඊනෝ පුවරු  විවිද කාර්යයන් සදහා භාවිතයටපහසු වන ලෙස නිපදවා ඇත.

ආඩුඊනෝ නිල වෙබ් අඩවියේ ආඩුඊනෝ ගැන සදහන් වෙලා තියෙන්නේ මේ විදියට
“Arduino is an open-source electronics platform based on easy-to-use hardware and software. It’s intended for anyone making interactive projects”
වැඩිදුරටත් අධ්‍යයන සදහා
www.arduino.cc/en/Guide/Introduction වෙත පිවිසෙන්න .

මෙම ලිපියෙහි කතෘ අයිතිය tecpisso.com බ්ලොග් අඩවියෙහි Dilshan Ramesh සතුවේ.
දැණුම සොයාන ඔබට පුළුල්  විෂය පරායාසයක් ඔස්සේ පලවන තවත් හරවත් ලිපි කියවීමට පිවිසෙන්න TECPISSO බ්ලොග් අඩවියට.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *