Serial Monitor මගින් දත්ත කියවමු 07.

සුබදවසක් යාලුවනේ …. අද මම කියන්න යන්නේ Arduino එකට අපි ලබා දෙන දත්තයක් පරිගණකය මගින් කියව ගන්නේ කොහොමද කියලා

බලමු මේ වැඩේට මොනවද ඔනේ කියලා …

  • Arduino board එකක්
  • Project board එකක්
  • LDR එකක්
  • 220 Ohms Resistor එකක්

Arduino එක හා පරිගණකය හරහා දත්ත හුවමාරු වෙන්නේ “SerialCommunication” නම් පහසුකම හරහාය.

මේ විදියට  LDR  එක set කර ගන්න

හරි. දැන් පහත Code එක Upload කරන්න .

void setup(){
Serial.begin(9600);
}

void loop(){
int sensorValue = analogRead(A0);
Serial.println(sensorValue);
delay(100);

}

අපි මේ Code එක  ගැනත් පොඩි අවබෝධයක් ලබා ගමු

//  void setup කොටස එක් වරක් පමනක් ක්‍රියාත්මක වේ
void setup(){
Serial.begin(9600);// පරිගණකය සමග දත්ත හුවමාරු වේගය තත්පරයට Bit 9600 කි .
}

void loop(){
int sensorValue = analogRead(A0);// LDR එකේ input value කියවීම සිදු කරයි
Serial.println(sensorValue);// LDR එකේ input value Serial Monitor එකෙ පෙන්කිවීම  සිදු කරයි
delay(100);// මිලිතත්පර 100 එලෙසින් සිටින්න
}

// පසුව  ආරමභ වන කොටස් Comment එකක් පමණි .

Code එක Arduino  එකට Upload  කරලා Arduino Software එකේ තියෙන Serial Monitor එක Open කර ගන්න .

දැන් ඔයාලට දැක ගන්න පුලුවන්  LDR එකෙන් ලැබෙන දත්ත ටික .

LDR  එකට වැටෙන ආලෝකය වැඩි වෙනකොට  අඩු අගයකුත්   LDR  එකට වැටෙන ආලෝකය අඩු වෙනකොට  වෙනවා  වැඩි අගයකුත් ලැබෙනවා පැහැදිලිව බලා ගන්න පුලුවන් …

ගැටලුවක් තිබේ නම් Comment එකක් මගින් ඉදිරිපත් කරන්න.ඒ වගේම Tech පිස්සෝ ගැන  ඔබගේ අදහස් යෝජනා අප වෙත යොමු කරන්න

 

ඔබට සුබ දවසක්……… 🙂

මෙම ලිපියෙහි කතෘ අයිතිය tecpisso.com බ්ලොග් අඩවියෙහි Dilshan Ramesh සතුවේ.
දැණුම සොයාන ඔබට පුළුල්  විෂය පරායාසයක් ඔස්සේ පලවන තවත් හරවත් ලිපි කියවීමට පිවිසෙන්න TECPISSO බ්ලොග් අඩවියට.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *