Arduino සමග LED Bargraph එකක් හදමු 09.

සුභ දවසක් යාලුවනේ …….. අද අපි හදන්න යන්නෙ  LED Bargraph එකක් .වැඩේ කරලම බලමු .

බලමු බලමු මොනවද ඔනේ කියලා

  • Arduino එකක්
  • LED 10 ක්
  • 220 Oms resistors 10 ක්
  • 50k variable  resistor එකක්
  • Project board එකක්
  • jumper වයර්

මුලින්ම variable  resistorඑකයි  LED ටිකයි Project board එකට set කරමු

වැඩේ හරිනේ .මෙන්න එහෙනම් Code එක

const int analogPin = A0;// A0 වන pin එක තෝරගන්නෙ variable  resistor එකට
const int ledCount = 10; // භාවිතා කරන led ප්‍රමාණය ledCount නියතය මගින් ලබා ගනී

int ledPins[] = {
2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11
};   // Arduino එකට led සම්බන්ධ කරන Pin ලබා දී ඇත

void setup() {
// Arduino එකේ Pin සදහා Output ලබා දෙයි .Pin එකකට වඩා Output ඇති නිසා මෙය ලූප් එකක් තුල ලියා ඇත
for (int thisLed = 0; thisLed < ledCount; thisLed++) {
pinMode(ledPins[thisLed], OUTPUT);
}
}

void loop() {
int sensorReading = analogRead(analogPin);// Analog Pin එකෙන් ලැබෙන Input එක කියවයි
int ledLevel = map(sensorReading, 0, 1023, 0, ledCount);// ledLevel වේරියබල් එක වෙත අගයන් ලබා ගැනීම සිදු කරයි
for (int thisLed = 0; thisLed < ledCount; thisLed++) {

// array එකෙන් තෝරලා දෙන thisLed කියන value එක ledLevel කියන value  එකට වඩා කුඩා ද කියා පරීක්ශා කෙරේ
if (thisLed < ledLevel) {
digitalWrite(ledPins[thisLed], HIGH);//thisLed කියන value එක ledLevel කියන value  එකට වඩා කුඩා නම්thisLed කියන  value එකට අදාල Pin එක HIGH බවට  පත් වේ .
}
// එසේ නොමැති නම් ledPins LOW  බවට  පත් වේ .
else {
digitalWrite(ledPins[thisLed], LOW);
}
}
}

 //පසුව ආරම්භ වන කොටස් Code එක තේරුම් ගැනීම සදහා අප විසින් ලියන Comment එකක් පමණි .එය Code එක  සදහා කිසිදු බලපෑමක් නැත

තවත් Project එකක් අරන් ආයෙත් එන්නම් .. ගැටලුවක් තියෙනවා නම් Comment එකකින් ඉදිරිපත් කරන්න ..
ඒ  වගේම TECH  පිස්සෝ  පිලිබද අදහස් යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න …

 

සුභ දවසක් ……..
මෙම ලිපියෙහි කතෘ අයිතිය tecpisso.com බ්ලොග් අඩවියෙහි Dilshan Ramesh සතුවේ.
දැණුම සොයාන ඔබට පුළුල්  විෂය පරායාසයක් ඔස්සේ පලවන තවත් හරවත් ලිපි කියවීමට පිවිසෙන්න TECPISSO බ්ලොග් අඩවියට.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *