Arduino සමග Ultrasonic Sensor එක භාවිතා කරමු 14.

 

යාලුවනේ සුභ දවසක් ඔයාලට. අද මම කියන්න යන්නේ  Ultrasonic Sensor එක ගැන.

ඉතින් මේ Ultrasonic එහෙමත් නැත්නම් Ultrasound කියන්නේ 20,000 Hz ට වඩා වැඩි සංඛයාත වලට.

 

 

මේ  Ultrasound මිනිසාගේ කනට ඇහෙන්නේ නෑ .

මේ  Ultrasound තාක්ෂණය පාවිච්චි කරලා තමා වවුලා රාත්‍රී කාලයේ දී බාධක මග හැරලා යන්නේ.ඒ වගේම ඩොල්ෆින් මාලුවත් මේ ක්‍රමවේදය  පාවිච්චි කරනවා.

අපි බලමු කොහොමද වවුලා බාධක මග හැරලා  යන්නේ

 

වවුලා ශබ්ද තරංගයක් නිකුත් කරලා ඒක බාධකයේ වැදිලා ආපහු එන්න ගත වෙන කාලයෙන් තමා වවුලා බාධකේ හදුනා ගන්නේ.

Ultrasonic Sensor එකෙත් භාවිතා වෙන්නෙත් මේ වවුලා භාවිතා කරන ක්‍රමවේදයමයි.

අපි දැන් බලමු Ultrasonic Sensor එක අපේ ආඩුඊනෝ බෝඩ් එකට සම්බන්ධ කර ගන්නේ කොහොමද කියලා

හරි දැන් අපි මේ Ultrasonic Sensor එකෙන් කිසියම් දුරක් මැනලා බලමු

මෙන්න code එක

#define echo 10
#define trig 11

void setup() {
Serial.begin(9600);
pinMode(echo, INPUT);
pinMode(trig, OUTPUT);
}

void loop() {
digitalWrite(trig, LOW);
delayMicroseconds(2);
digitalWrite(trig, HIGH);
delayMicroseconds(10);
digitalWrite(trig, LOW);

long distance = pulseIn(echo, HIGH);

int cm = distance / 58;
int inches = distance / 148;

Serial.print(cm);
Serial.print(“Cm  “);

Serial.print(inches);
Serial.println(“inches”);
delay(100);
}

අපි code එක පිලිබදව  පොඩි අවබෝධයක් ලබා ගමු

රූපයේ 1 හා 2 පේලි වලින් echo හා trig Pin වලට 10 හා 11 Pin ආදේශ කරගෙන ඇත.

4 වන පේලියෙන් පටන් ගන්නා void setup කොටස එක් වරක් පමනක් ක්‍රියාත්මක වෙයි.

5 වන පේලියේ Serial.begin මගින් පරිගණකය සමග දත්ත හුවමාරු කර ගැනීම සලසා ගනී

6 හා 7 පේලි වලින් echo හා trig Pin,  Output pin ලෙස නම් කරයි.

10 වන පේලියෙන් පටන් ගන්නා void loop කොටස නොනැවතී ක්‍රියාත්මක වෙයි.

11 සිට 15 පේලි දක්වා කොටස මගින් trig Pin එකවෙත මයික්‍රෝ සෙකන්ඩ් 10 ක pulse එකක් ලබාදීම සිදු කරයි.

17 වන පේලිය මගින් echo Pin එක  HIGH  බවට පත් වු කාලය distance නම් variable එක තුල ගබඩා කරයි.

19 වන පේලිය මගින් distance නම් variable එක සදහා ලැබී ඇති කාලය 58 න් බෙදා සෙන්ටිමීටර බවට පත් කර   cm variable එක තුල ගබඩා කරයි.

20 වන පේලිය මගින් distance නම් variable එක සදහා ලැබී ඇති කාලය148 න් බෙදා අගල්  බවට පත් කර   inches  variable එක තුල ගබඩා කරයි.

19 හා 20 පේලි වල සිදු කල කාලය දුරට හැරවීමේ ගණනය කිරීම සිදු කලේ  S=Ut සමීකරනය මගිනි.
22 සිට 25 වන පේලි මගින් cm හා inches සදහා ලැබුනු අගය Serial Monitor එකේ දර්ශනය කිරීමයි.
26 වන පේලියේ milliseconds 100 ක කුඩා delay එකක් තබා ඇත.
දැන් code එක ආඩුඊනෝ බෝඩ් එකට Upload කරන්න.
ඔයාට පුලුවන් දැන්  බාධකේ පිහිටුම වෙනස් කරලා බලන්න අදාල cm හා inches ප්‍රමාණය Serial Monitor එක open කරලා බලාගන්න.

එහෙනම් ගිහින් එන්නම්ගැටලුවක් තියෙනවා නම් Comment එකකින් ඉදිරිපත් කරන්න.

සුභ දවසක් ……

මෙම ලිපියෙහි කතෘ අයිතිය tecpisso.com බ්ලොග් අඩවියෙහි Dilshan Ramesh සතුවේ.
දැණුම සොයාන ඔබට පුළුල්  විෂය පරායාසයක් ඔස්සේ පලවන තවත් හරවත් ලිපි කියවීමට පිවිසෙන්න TECPISSO බ්ලොග් අඩවියට.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *