ආයුබෝවන් !
ඔන්න එහෙනම් අදත් පුංචි ක්‍රියාකාරකමක් අරගෙන ආවා . Arduino Based Digital Clock එකක්. මේක ඇත්තටම Digital Clock එකක් විතරක් වගේ පෙනුනට Arduino Based ප්‍රයෝජනවත් නිර්මාණයන් කරද්දී මේ RTC Module (Real time Clock) එක ගොඩක්ම වැදගත් වෙන මොඩියුල් එකක්.ඒ කියන්නේ අපිට අවශ්‍යය Input/Output අවශ්‍යය නියමිත වේලාවන් වලදී ක්‍රියාත්මක කරවාගැනීමට මේ මොඩියුල් එක ගොඩක් උපකාරී වෙන්වා.ඉතින් ඒ වගේ සංකීරණ නිර්මාණයන් කරන්නට මේ ක්‍රියාකාරකම ඔයාලට ගොඩක් වැදගත් අද්දැකීමක් වෙයි කියල හිතනවා.
මෙහිදී වෙන්නේ ARDUINO Uno එක සමඟින් RTC Module එක යොදාගෙන වෙලාව Liquid Crystal Display එක මත දර්ශනය කරවීමයි. විශේෂයක් තියෙනව සාමාන්‍යයෙන් RTC Module එකට Coin Cell Battery එක යෙදීමෙන්ඒ පසුව වෙලාව සකස් කරන්නට ඕන එකට බොහෝ වෙලාවට Time Library එකේ Set Time Sketch එකෙන් කරනවා.මතක තියාගන්න RTC Module එකෙහි Battery එක නැවත ඉවත් කරහොත් අපි සෙට් කරලා තියෙන වේලාව මැකෙනවා. මෙම ක්‍රියාකාරකමෙහි දී අපි ඕනෑම වෙලාවක වේලාව සකස් කල හැකි විදිහට Push Buttons 3ක් යොදාගෙන තියෙනව.මෙහි එක් Button එකකින් Setting Mode එකට ගන්න පුළුවන් වගේම අනිත් Push Button දෙකෙන් වේලාව සකස් කරන්නට පුළුවන්.අපි එහෙනම් බලමු කොහොමද මේක නිර්මාණය කරගන්නේ කියල .
අවශ්‍යය උපාංග:-
01. 1 X DS3231 Real time Clock RTC Module
03. 1 X Liquid Crystal Display LCD 16×02
04. 1 X I2C Serial Interface Module
05. 3 X Momentary Push Buttons
පරිපථ ඇමුණුම් සටහන
ඉහත සටහනට අනුව Arduino Uno බෝර්ඩ් එක , Liquid Crystal Display සහ Real time Clock Module එක නිවැරදිව සම්බන්ධ කරගන්න. Push Buttons වල එක අග්‍රයක් +5V වලට සම්බන්ධ කරන්න.අනිත් අග්‍රය 10K Resistor හරහා GND වලට සම්බන්ධ කරන්න.Resistors 3 Push Buttons වලට සම්බන්ධ වන තැන් Arduino පුවරුවෙහි A0,A1,A2 යන Analog පින් වලට පිලිවලට සම්බන්ධ කරන්න.මෙහි දී අපි IIC Protocol එක යොදාගෙන තමා Liquid Crystal Display එක Arduino පුවරුවට සම්බන්ධ කරගෙන තියෙන්නේ.IIC Communication ගැන දැනෙන නැත්නම් කොමෙන්ට් එකකින් සඳහන් කරන්න ඒ ගැන වෙනම ලිපියක් ලියන්නම්.
Program
කෝඩ් එක මෙතනින් Download කරගන්න.
Download:-
ඔයාලගේ Arduino IDE එකේ මේ Program එක සඳහා අවශ්‍යය Libraries නැතිනම් මෙතනින් ගන්න
Download:-
Liquid-Crystal-IIC-Library.zip
Wire.h-master.zip
එහෙනම් හදල බලන්න ඒ ගමන්ම ඔයාගෙම කියල අලුත් දේවල් නිර්මාණයට එකතුකරගන්නත් උත්සහකරන්න.ගැටළු ආවොත් Comment එකක් දාන්න කියල දෙන්නම්.ඒ වගේම ඔයාලට දැනගන්න,හදන්න ආසා දේවල් ගැනත් සටහනක් දාන්න. ඔයාලගේ ඉල්ලීම් අනුව ඉදිරි පොස්ටු ලියන්නම්.ඒ වගේම ඔයාල මේ ක්‍රියාකාරකම කරලා බැලුවනම් ආව ගැටළු එක්ක ක්‍රියාකාරකමේ ෆොටෝ එකක් එහෙම පහලින් Comment කරන්න. එහෙනම් අයෙත් මේ වගේ ප්‍රයෝජනවත් Arduino Based ක්‍රියාකාරකමක් ගැන ඉක්මණින්ම ලියන්නම් .
ජයවේවා! හැමෝටම.