01.Smart Door Lock With Fingerprint Scanner යතුර වෙනුවට ඇඟිල්ල

ආයුබෝවන්!
අපේ එදිනෙදා ජීවිතයේ දී ආරක්ෂාවට වගේම  පහසුවටත් යොදාගන්න පුළුවන් Arduino +Fingerprint Scanner එක යොදාගෙන නිර්මාණය කරගත හැකි Smart Door Lock එකක් පහසුවෙන් නිර්මාණය කරගන්නා ආකාරයයි මෙම ලිපියෙන් කියා දෙන්න යන්නේ.ඇත්තටම මේ ලිපිය ගොඩක් අයට උපකාරී වේවි කියල හිතනවා.  duino බ්ලොග්  අඩවිය තුල  ගොඩක්ම ලියවේවි  ප්‍රයෝජනවත් විදිහට අපිට යොදාගන්න පුළුවන් වන නිර්මාණයන් ගැන.ඉතින් Fingerprint Door Lock එකක් කියන්නේ දැනට තියෙන විශ්වාසනියම සහ ආරක්ෂිතම  Locking System එකක් කියල කියන්න පුළුවන්. හේතුව (personal identification) පුද්ගලයෙක්ව  නිවැරදිව කවුද කියල හඳුනා ගැනීමේ හැකියාව Fingerprint Scanner එකකට තියෙන නිසා.
ඉතින් ඔයාල දැකල ඇති  බොහෝ ආයතන වල සේවකයන් පැමිණීමේ වෙලාව සහ පිට වීමේ වෙලාව සටහන් කිරීමට,දොරගුළු වලට වගේ මේ   Fingerprint  Scanner මුලික කරගත් උපකරණ සවිකරලා තියෙනව.පිටරට වලනම් විවිධ සංඝණන වලට,චන්දය  ප්‍රකාශ කිරමට වගේ දේවල් වලටත් මේ වගේ උපකරණ යොදාගන්නවා.

කොහොමද මේ Fingerprint Scanner එක වැඩ කරන්නේ 😮
Fingerprint Scanner එක වැඩ කරන්නේ matching algorithm කියන ක්‍රමවේදයට අනුවයි.ඒ කියන්නේ මුලින් අපි මේ තුලට ලබාදුන්නු ඇඟිලි වල සටහන් වලට අනුකූලව ක්‍රියාත්මක වීමේ දී ඇතුළු කරන ඇඟිලි සටහන ගැලපෙනවද කියල සොයල බලල ගැලපෙනවනම් පමණක් Output එකක් එහෙමත් නැත්නම් ප්‍රතිදානයක්  ලබාදෙනවා.ඒ එක්කම Fingerprint ID # එකට අනුව කාගේ ඇඟිලි සටහනද හඳුනාගත්තේ කියලත් කියනව.ඒ අනුව Micro controller එක අපි ලබා දී ඇති Program එක එහෙමත් නැත්නම් ක්‍රම ලේඛණ සටහන ක්‍රියාත්මක කරනවා.ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලිව තේරෙන්නට ඇති කියල හිතනවා. බලමු කොහොමද අපේම කියල Smart Door Lock එකක් හදාගන්නේ කියල.

අවශ්‍යය උපාංගයන්

1 X Fingerprint Scanner                 01
1 X Arduino Uno/Mega                   01
1 X Relay Module 5V or 12V         01
1 X LCD 16×02 Display                    01
1 X IIC Module                                   01
1 X Electromagnetic Lock              01
1 X Power Supply  12V                    01
Connection wires
Soldering Iron
PCB Dot Board

මෙහි දීත් අපි LCD Display එක Arduino බෝර්ඩ් එක සමඟින්  සම්බන්ධ කරගැනීමට IIC Module එක යොදාගන්නවා මොකද වයර් 4ක් පමණක් යොදාගෙන පහසුවෙන් සම්බන්ධ කරගත හැකි නිසා.

හරි මන් කීවනේ අපි Fingerprint Scanner එක තුල මුලින් Record කර ඇති ඇඟිලි සටහන් වලට අනුවයි මෙය ක්‍රියාත්මක වන්නේ කියල. එහෙනම් මුලින්ම අපි Fingerprint Enrollment එක කරගෙන ඉන්න ඕන. ඒ කියන්නේ අපේ උපකරණය පරිහරණය කරනට බලාපොරොත්තු වන අයගේ ඇඟිලි සටහන් Fingerprint Scanner එක තුලට ඇතුලත් කරගන්න ඕන.

එහෙනම් මුලින්ම  Fingerprint Enrollment එක කරගෙන ඉමු.පහත සටහනට අනුව Fingerprint Scanner එක Arduino පුවරුව සමඟින් සම්බන්ධ කරගන්න.

Adafruit Fingerprint Sensor Library එක අනිවාර්යයෙන්ම ඔයාගේ Arduino IDE Library එකට දාගෙන ඉන්න.
Download :- Adafruit Fingerprint Sensor Library

ඊට පසුව Fingerprint Enrollment Code එක Arduino පුවරුවට Upload ගන්න.

Download :- Fingerprint Enrollment Code

දැන් Arduino IDE එකේ Serial Monitor එක Open කරගෙන Baud rate එක 38400 Carriage Return දෙන්න. ඊට පස්සේ ඔයා හරියටම Library එක දාල  Connection එක කරලා තියෙනවනම් Serial Monitor එකේ

Eifingertest
Found fingerprint sensor
Type in the ID # you want to save this finger as..

කියන ටික ප්‍රින්ට් වෙයි.හරි ඒ කියන්නේ සියල්ල සුදානම් :p දැන් ඔයාට කැමති විදිහට ID Number එකක් දීල ඔයාගේ ඇඟිලි සටහන Save කරගන්න.එක ඇඟිල්ලක සටහන් දෙවරක් ඇතුල් කරන්න කියයි.ඒ කියන විදිහට කරන්න.හරියට කලානම් ID ** Storedකියල එයි. ඒ විදිහට ඔයාට අවශ්‍යය අයගේ ඇඟිලි සටහන් ඇතුළු කරගන්න ID Number එකක් යටතේ. ඔය විදිහට අපිට ID’s 200ක ට වැඩි ප්‍රමාණයක් Fingerprint Sensor එක තුල ගබඩා කරගන්න පුළුවන්.(මගේ අද්දකිමේ හැටියට :p ) මතක තියාගන්න ඒ ID Number එක තමා අපිට අවශ්‍යය වෙන්නේ ඊලගට Fingerprint Smart Door Lock Project එකේ Code එකට.ඔය කීව ටික කරන විදිහ ගැන පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් පහත Screen Shots ටික බලන්න වඩාත් පැහැදිලි වේවි.

හරි දැන් අපි මුලික කොටස සාර්ථකව අවසන් කරගෙන තියෙන්නේ.දැන් තමා අපේ නිර්මාණයේ ආරම්භය වෙන්නේ.පොස්ටුව දිග වෙනවා කරන්න දෙයක් නැහැ ඉතින් .පැහැදිලිව ලියන්න වෙනවනේ  🙁
එහෙනම් දැන් පහත සටහනේ ආකාරයට උපාංග සියල්ල නිවැරදිව සම්බන්ධ කරගන්න.

Fingerprint Sensor        Arduino UNO/Mega…
VCC                                    5V Pin
GND                                   GND
TX                                       D2
RX                                       D3

IIC Module                       Arduino UNO/Mega…
VCC                                     5V Pin
GND                                    GND
SCL                                      SCL
SDA                                     SDA

Relay Module 5v          Arduino UNO/Mega…
VCC                                      5V
GND                                     GND
S                                           D8

පරිපථ ඇමුණුම් සටහන

Fingerprint Door Lock
Fingerprint Door Lock

Relay Module එක 5V වෙනුවට  12V Relay එකක් යොදාගන්නත් පුළුවන්.12V Relay එකක් යොදාගන්නවානම් VCC සහ GND Arduino පුවරුවට සම්බන්ධ නොකර 12V වලට සම්බන්ධ කරගන්න.
12V Input එකේ (+) වයරය Relay Module එකේ Common අග්‍රයටත් (-) Electromagnetic Lock එකෙහි Black(-) වයරයටත්  Relay module එකේ Normally Close Pin එක Electromagnetic Lock එකෙහි (+) වයරයටත් සම්බන්ධ කරගන්න.

දැන් තමා Program එක නිවැරදිව සකස් කරගෙන Upload කරගන්න වෙලාව.පහත සබැඳියෙන් Code එක Download කරගන්න පළමුවෙන්ම.ඊට පසුව ඔයාල හොදින් නිරීක්ෂණය කරලා බලන්න Code එක ලියවිලා තියෙන ක්‍රමය ගැන.අදාළ තැන් වලට ඔයාල මුලින් Fingerprint Enrollment එකේදී Record කරගත් ID Number සහ ඒ ඒ ID වලට අදාල අයගේ නම් නිවැරදිව ලබාදෙන්න.ඒ විස්තර හරියට Code එක තුල සටහන් කලොත් තමයි Output එක නිවැරදිව ලබාගන්න පුළුවන් වගේම LCD Display එකේ නිවැරදිව විස්තර Print කරන්නෙත්.

Download:- Fingerprit_Smart_Door_Lock.zip

එහෙනම් ඔයාලත්  හදල බලන්න. ඔයාලගේම කියල දෙයක් මේ නිර්මාණයට එකතු කරගන්න උත්සහ කරලා බලන්න.එතකොට තමයි අළුත් දේවල් බිහිවන්නේ.ඉතින් ඔන්න ටිකක් දිග ප්‍රයෝජනවත් පොස්ටුවක් ලීව අදත් (එහෙම හිතනවා ඉතින් මං :p ).මේ ලියන විදිහ ඔයාලට පැහැදිලිව තේරෙනවද? ,ගැටළු තියෙනවද? , තව එකතුවෙන්න ඕන මොනවද?, වගේ දේවල් අනිවාර්යයෙන්ම පහලින් කොමෙන්ටුවකින් සටහන් කරන්නත් අමතක කරන්න එපා.එහෙම උනොත් තමා තවත් ලියන්න ආස හිතෙන්නේ.ඒ වගේම ඔයාලත් මේක හැදුවනම් ඒගැන ෆොටෝ එකක්,අළුතෙන් එකතු කරපු දේවල් ගැන විස්තර එහෙමත් අනිවාර්යයෙන් අපිට කියන්න.
ඉතින් අනිවාර්යයෙන් තවත් Arduino මුලික කරගෙන ගන්න පුළුවන් වැඩක් ගැන ලිපියක් සමඟින් ඉක්මනින් හමුවන බලාපොරොත්තුවෙන් නවතින්නම්.
ජයවේවා! හැමෝටම.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *