02.Arduino+PIR Sensor+Keypad Security Alarm System(i) නිවසට,ව්‍යාපාරයට විශ්වාසනීය ආරක්ෂකයෙක්.

ආයුබෝවන්!
ඔන්න එහෙනම් මේ කාලෙට ගැලපෙන ප්‍රයෝජනවත් නිර්මාණයක් අරගෙන ආයෙත් ආව ඔයාලව බලන්න.”හොරු ” මේ කලේ  වැහි වැහලනේ 🙂 හැබැයි මේ අපි ඉගනගන්න දේනම් කාටවත්ම හොරෙන් ගන්න බැහැ .හොරකම් කරන්න බැරි එකම දේ දැණුම කියනවනේ. ඉතින් කියල දෙන්න යන්නේ හොරුන්ගෙන් ආරක්ෂා වෙන්න Arduino Based Security System එකක් හදාගන්න විදිහ ගැන.
මුලින්ම මේක ක්‍රියාකරන විදිහ ගැන කියනවනම් අපි මේක සවිකරන ස්ථානයේ යම් කෙනෙක් එහෙ මෙහෙ ගියොත් මෙහි ඇති PIR Sensor (Passive Infrared Sensor) එක මඟින් හඳුනාගෙන මෙහි ඇති Alarm එක ක්‍රියාත්මක කරවනවා .ඒ සමඟින්ම මෙහි ඇති LED බල්බ 3 හි එකක් ON වෙනවා. මෙහි LED බල්බ තුනක් තියෙනව එකක් Alarm එක සමඟින් ඔන් වෙන්ව .අනිත් දෙකෙන් මේ Device එක සක්‍රිය කරලද ,අක්‍රිය කරලද යන්න පෙන්වනවා.ඉතින් අපිට ඕනනම් පුළුවන් Alarm එක වෙනුවට ටිකක් සද්දෙන් වැඩි Siren නලාවක් සම්බන්ධ කරගන්න වගේම Warning LED වෙනුවට Relay මඟින් ආලෝකය වැඩි Warning Light එකක් සම්බන්ධ කරගන්නත්.
වැදගත්ම දේ තමයි යම් කෙනෙක් මේ device එකේ PIR Sensor එකේ ක්‍රියාකාරී පරායාසය තුල ගමන් කළහොත් Warning Alarm එක සමඟින් Warning Light On වෙනවනේ ඊට පස්සේ Alarm එක Off කරන්නනම් අපි මෙයට යොදා ඇති Password එක එහෙමත් නැත්නම් මුරපදය මෙහි Key Pad එක මඟින් ඇතුලත් කරන්න ඕන.
ඉතින් ඔයාලගේ හැකියාව එක්ක මෙයට තව ගොඩක් දේවල් එකතුකරගන්න පුළුවන් . ඒ කියන්නේ යම් කෙනෙක් අපි මෙය සවිකර ඇති සීමාවට ඇතුළු වුවහොත් Alarm එක සමඟින්ම සියළුම විදුලින් පහන් On වෙන්න,ප්‍රධාන ගේට්ටුව අනෙකුත් දොරවල් සියල්ල  Lock වෙන්න වගේ.
හරි එහෙනම් අපි බලමු මෙය සාදාගන්නේ කොහොමද කියලා.

අවශ්‍යය උපාංග :-

1 x PIR Sensor (Passive Infrared Sensor)
1 x Arduino Uno/Nano/Mega/Pro mini වගේ ඕනෑම එකක්.
1 x 5v Buzzer
1 x Numeric Keypad
3 x 220 Ohm Resistor
3 x LED Red/Green/Yellow

පරිපථ ඇමුණුම් සටහන


කෝඩ් එකේ Included Library’s ඔයාලගේ Arduino IDE  එකෙහි නැතිනම්  පහලින් බාගෙන  Arduino IDE Library Folder එකට දාගෙන ඉන්න.

Included Library’s

Keypad-master.zip
Password.zip

Code:-

pir_keypad_security.ino

උපාංගයන් සම්බන්ධ කරගන්නා ආකාරය ඉහත පින්තුරය මඟින් පැහැදිලිව දක්වල තියෙන නිසා ඒ ගැන විස්තර කරන්න අවශ්‍යය නැති වෙයි කියල හිතනවා .ගැටළුවක් ආවොත් Comment එකක් දාන්න.
ඉතින් එහෙනම් මේ වගේම තවත් මේ වගේ ප්‍රයෝජනවත් Arduino Based Project එකකුත් අරගෙන ඉක්මනින්ම එන පොරොන්දුව සමඟින් අදට නවතින්නම් .ජයවේවා!

1 thought on “02.Arduino+PIR Sensor+Keypad Security Alarm System(i) නිවසට,ව්‍යාපාරයට විශ්වාසනීය ආරක්ෂකයෙක්.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *