ආයුබෝවන්!
මේ ලිපියේ දීත් අපි ප්‍රයෝජනවත් විදිහට එදිනෙදා ජීවිතයේ යොදාගත හැකි Arduino Based අඩු වියදම් ආරක්ෂණ පද්දතියක් නිර්මාණය කරගන්නා ආකාරය ගැන තමා කතාකරන්න යන්නේ. මේහි විශේෂත්වය වන්නේ ම පද්දතිය සක්‍රිය කරවීමට විශේෂ මුර පදය Keypad මඟින් ඇතුළු කල යුතු වන අතර සක්‍රිය අවස්ථාවේ යම් කෙනෙකු අදාළ සීමාව තුලට පැමිණියහොත් පද්දතියෙහි සයිරන් නලාව *Alarm නාද වීම ආරම්භ වෙනව.එසේම සයිරන් නලාව නැවත අක්‍රිය කරවීමටද අනිවාර්යයෙන් මුර පදය ඇතුලත් කල යුතු වෙන්ව.ඉතින් අපිට මෙය අපේ කාමරයේ,ගෙදර එහෙමත් නැතිනම් ව්‍යාපාරයේ ආරක්ෂක සහකරුවෙකු ලෙස යොදාගන්නට පුළුවන්.ඒ වගේම මෙහි output එක ඒ කියන්නේ Alarm එක වෙනුවට Warning Light එකක් යොදා ගන්නත් පුළුවන්.වගේම එම Output එක යොදාගෙන ඔබ නිතර සිටින ස්ථානයට පණිවිඩය ලබාගෙන හෝරාව සද්ද නොකර ගිහින් අල්ලගන්නත් පුළුවන් :p ඉතින් ඔබේ නිර්මාණාත්මක හැකියාවන්,අද්දැකීම් ,දැණුම එකතු කරලා ගුණාත්මක නිර්මාණයක් කරගන්න මුලික පියවර පමණයි මෙම ලිපි වලින් ගෙන එන්නේ.එහෙනම් බලමු මෙම සරල ආරක්ෂණ පද්ධතිය නිර්මාණය කරගන්නේ කොහොමද කියල.
අවශ්‍යය උපාංග
01. 1 X Arduino UNO/Mega/Nano/Promini ඕනෑම එකක්
02. 1 X LCD Display 16×02
03. 1 X I2C Module
04 1 X PIR Motion Sensor
05. 2 X 1K Resistors
06. 1 X LED Green
07. 1 X LED Red
08. 1 X Keypad 4×4
09. 1 X Alarm Buzzer
පරිපථ ඇමුණුම් සටහන
*කෝඩ් එකෙහි A1 පින් එක Relay කියල නම්කරල තියෙනවා .එහෙත් ඉහත සටහනේ මා දක්වල ඇත්තේ A1 පින් එකට Alarm Buzzer එකක් සවි කර ඇති ආකාරයයි.ඔබට ඒ වෙනුවට අවශ්‍යයයනම් Alarm Buzzer එක වෙනුවට Relay Module එකක් යොදා එමඟින් Warning Lamp එකක් හෝ Siren නලාවක් වැනි දෙයක් සම්බන්ධ කරගන්නට පුළුවන්.
මේ Code එක සඳහා අවශ්‍යය වන Arduino Library Files ඔයාගේ Arduino IDE එකට ඇතුලත් කර නොමැතිනම් පහතින් Download කරගන්න.
Download:-
01. Lequid Crystal I2C Library
02. Keypad.h Library
Code File එක මෙතනින් Download කරගන්න
Download:-
Arduino Security Alarm System Code
*මුලින්ම Code එක මුල ඉදල පැහැදිලිව අධ්‍යයනය කරන්න.නිකම්ම upload කරන්න යන්නේ නැතිව.පුංචි දෙයක් හරි ඔලුවට වැටේවි.
මෙහි දී const int timeDelay = 10000; kiyana පේළියෙහි 10000ms වලින් අදහස් වෙන්නේ Device එක Power-up කල පසුව තප්පර 10කින් Active තත්වයට පැමිණින බවයි.ඔබට මෙම System එක ක්‍රියාත්මක කල පසුව එම ස්ථානයෙන් ඉවත්ව යාමට අවශ්‍යය වෙලාව milliseconds වලින් ලබාදෙන්න.
*ඔබට අවශ්‍යය ආකාරයට මුරපදය (Password) එක වෙනස් කරගැනීමට මෙම පෙලෙන් පුළුවන්.”8304A” යන තැනට ඔබට අවශ්‍යය මුරපදය ලබාදෙන්න.Device එක ක්‍රියාකාරී තත්වයට පත්කිරීමට සහ අක්‍රිය කිරීමට ඔබ මෙහි යොදන මුරපදය අවශ්‍යය වේ.Password password = Password(“8304A”);
ඉතින් එහෙනම් මෙම නිර්මාණය කරලා ඔයාලගේ අදහස් එකතු කරලා වඩා හොද ප්‍රයෝජනවත් නිර්මාණයක් කරන්න උත්සහ කරන්න.හැමදාම කියනවා වගේ ඔයාල හදන දේ , හොද නරක,අනිවාර්යයෙන්ම පහතින් සටහනක් දන්න අමතක කරන්න එපා.එය තවත් ලිපියක් ඉක්මනින් ගෙන එන්න ලොකු ශක්තියක් වෙන්ව.ඇත්තෙන්ම මෙම ලිපි දන්නා අයට පුංචි දෙයක් වුවත් සරලව ඕනෑම කෙනෙකුට තේරෙන විදිහට ලියන්න උත්සහ කරන්නේ අලුතෙන් මෙම විෂයයන් වලට පිවිසෙන අයට නව නිර්මාණ කරණය සඳහා පිවිසීමට මෙන්ම ආසාවෙන් අධ්‍යයනය කරන්න අවශ්‍යය උනන්දුව ඇතිවන්නටයි.