සුභදවසක් යාලුවනේ ………… අද ඔයාලට කියලා දෙන්න යන්නේ Arduino සමග Servo motor එකක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා .
Servo motor එකක් කියන්නේ සාමන්‍ය මෝටරයක් වගේ එකම දිශාවට කරකැවෙන එකක් නෙමෙයි .මේකේ තියෙන විශේෂත්වේ තමයි අපිට අවශය කෝණයට මේක භ්‍රමණය කරන්න පුලුවන්.
අපි ඔය කතාව උදාහරණයකින්ම බලමු.
බලමු මොනවද ඕනේ කියලා
- 9g Micro Servo 1 එකක්
- Arduino එකක්
- Project board එකක්
- jumper වයර්
- Variable resistor එකක්

දැන් මේ Code එක Upload කරන්න .
#include <Servo.h> // Servo.h යනු library එකකි .
Servo myservo; // servo මෝටරය myservo ලෙස නම් කර ඇත
int potpin = 0; // විචල්‍ය ප්‍රතිරෝදකය සම්බන්ධ කරන අග්‍රය potpin ලෙස නම් කර ඇත
int val; // // Analog Pin එකේ value එක ඒක කියවන්න val නමින් විචල්‍යක් තෝරා ගනියි
// void setup කොටස එක් වරක් පමනක් ක්‍රියාත්මක වේ
void setup() {
myservo.attach(9); // servo මෝටරය සම්බන්ධ කර ඇති pin එක
}
//void loop කොටස් නොනැවතී ක්‍රියාත්මක වේ
void loop() {
val = analogRead(potpin); // විචල්‍ය ප්‍රතිරෝදකය මගින් අගය කියවයි .එම අගය 0 -1023 අතර වේ .
val = map(val, 0, 1023, 0, 180); // එම අගය 0- 180 පරිමාණයට පත් කරයි .
myservo.write(val); // val තුල ගබඩා වූ අගය servo එක භ්‍රමණයට ලබා දෙයි.
delay(15); // එලෙසම තත්පර 15 රැදී සිටින්න .
}
දැන් ඔයාලා variable resistor එක කරකවනවා හා සමානව servo එකේ කෝණයත් වෙනස් වෙනවා ඔයාට බලා ගන්න පුලුවන් .
#include <Servo.h> මෙය library එකකි. Servo.h කියන library එක #include මගින් අපි ලියන Code එකට ඇතුලත් වෙනවා . library එකෙන් කරන්නේ මේ Code එකට ලියන්න ඕනේ සංකීර්ණ කොටස් පහසු කර දීමයි . සමහර library අපි Arduino software එක පරිගණයේ install කරන කොටම install වෙනවා .තමගේ අවශ්‍යතාව අනුව විවිද library අන්තර්ජාලයෙන් download කරගන්න පුලුවන් .
// පසුව ආරමභ වන කොටස් Code එක තේරුම් ගැනීම සඳහා අප විසින් ලියන Comment එකකි .එය Code එක සඳහා කිසිදු බලපෑමක් නැත.
ගැටලුවක් තිබේ නම් Comment එකක් මගින් ඉදිරිපත් කරන්න.ඒ වගේම Tech පිස්සෝ ගැන ඔබගේ අදහස් යෝජනා අප වෙත යොමු කරන්න
ඔබට සුබ දවසක්……… 🙂
මෙම ලිපියෙහි කතෘ අයිතිය tecpisso.com බ්ලොග් අඩවියෙහි Dilshan Ramesh සතුවේ.
දැණුම සොයාන ඔබට පුළුල් විෂය පරායාසයක් ඔස්සේ පලවන තවත් හරවත් ලිපි කියවීමට පිවිසෙන්න TECPISSO බ්ලොග් අඩවියට.