සුබ දවසක් යාලුවනේ ….. අද මම කියන්න යන්නේ Arduino සමග TV Remote භාවිතා කරන්නේ කොහොමද කියලා ……
එහෙනම් වැඩේ පටන් ගමු …
මේ වැඩේට IR Receiver එකක් සහ TV හෝ DVD Player හෝ එවැනි උපකරණයක Remote එකක් අවශය වෙනවා …
විශේශයි
- IR Receiver එක Arduino සමග සමග සම්බන්ධ කරනකොට ඒවාගේ Output pins නිවැරදිව සම්බන්ධ කල යුතුය .
- සෑම IR Receiver එකකම Output pins එක සමාන නොවේ .එවා නිශ්පාදනය කරන සමාගමෙන් සමාගමට වෙනස් ය .
- IR Receiver එකක Output pins සොයා ගන්න එකේ Model Number එක Google එකේ Search කරලා හොයා ගන්න පුලුවන් …
මම පාවිච්චි කරපු IR Receiver Output pins ටික තිබුනේ මෙහෙම …
අපි දැන් IR Receiver එක Arduino එකට සම්බන්ද කරමු
(සැලකිය යුතුයි – IR Receiver එකේ Output pins හරියටම දැනගෙන සෙට් කරන්න )
ඒ ටික හරි …..
දැන් Arduino Software එකට පොඩි Libry එකක් දාන්නඔනේ .ඒක මෙතනින් ගන්න .
දැන් වැඩේ හරි දැන් මේ code එක Arduino එකට upload කරන්න .
මෙන්න code එක
#include <IRremote.h>
int RECV_PIN = 2;
IRrecv irrecv(RECV_PIN);
decode_results results;
void setup(){
Serial.begin(9600);
irrecv.enableIRIn();
}
void loop() {
if (irrecv.decode(&results)) {
Serial.println(results.value, HEX);
irrecv.resume();
}
delay(100);
දැන් Serial Monitor එක Open කරලා උපකරණයක Remote එක IR Receiver එකට අල්ලලා ඔබන්න .එතකොට ඒ ඒ Button එකට අදාල HEX Value එක බලා ගන්න පුලුවන් ….
එහෙනම් මම ගියා .ගැටලුවක් තියෙනවා නම් Comment එකක් ඉදිරිපත් කරන්න . Arduino සමග TV Remote භාවිතා කරමු part-02 ලිපියෙන් නැවත හමුවෙමු සුබ දවසක් ……
මෙම ලිපියෙහි කතෘ අයිතිය tecpisso.com බ්ලොග් අඩවියෙහි Dilshan Ramesh සතුවේ.
දැණුම සොයාන ඔබට පුළුල් විෂය පරායාසයක් ඔස්සේ පලවන තවත් හරවත් ලිපි කියවීමට පිවිසෙන්න TECPISSO බ්ලොග් අඩවියට.